නුවරඑළිය දිස්ත්‍රික් සංඝරත්නය මාධ්‍යයට දැක්වූ අදහස්
නුවරඑළිය දිස්ත්‍රික් භික්ෂූන් වහන්සේලාගේ, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල කැමැත්ත, ඉල්ලීම පරිදි තමයි, රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියට ලබාගත්තේ. ඒක කවදාටත් වඩා අර්ථ සම්පන්නව අපි සිද්ධ කරන්නට යෙදුණා. මහා සංඝරත්නය ඇතුළු ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු දෙනාම එකතු වෙලා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරා. අත්‍යලන්කරයෙන් මෙවර වෙසක් උත්සවය සිද්ධ කළා. හැබැයි අවසන් වෙන්ටත් ඉස්සෙල්ලා අපේ හිටපු එක් මනුස්සයෙක් ඊයේ කියනවා වෙසක් උත්සවය නුවරඑළියේ අරන් ගිහිල්ලා වැස්සට හේදිලා කියලා. අපි කියනවා ඔය විදිහේ කට කැඩිච්ච වචන කියලා මිනිස්සුන්ගේ හිත් බිඳවන්න එපා. ලක්ෂ ගණන් මිනිස්සු ඇවිල්ලා රස විඳ ගත්තා මේ තෙමඟුලේ ආශිර්වාදය ලබා ගත්තා. ඒක නිසා ඔය වගේ කට කැඩිච්ච වචන කියලා මේ සම්බුද්ධ තෙමඟුලේ තියෙන ආශිර්වාදය සැනසිල්ල මිනිස්සු අතරට යන්න නොදී ම පිළිබඳව ඒ මනුස්සයා පිළිබඳව අපි සංවේගය පළකර සිටිනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>