පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන පසුගිය සිකුරාදා සිට වසා දැමීමට පියවර ගෙන තිබු අතර ආපදාවට පත් නොවූ රාජ්‍ය ආයතන සහ කාර්යාල අද (01) සිට සුපුරුදු පරිදි විවෘත කර සේවාවන් පවත්වා ගෙන යන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කර සිටියා.