ජනාධිපති අනුර කුමාර දිසානායක

අපි නිල වශයෙන් බංකොලොත් භාවයට පත් වෙලා තිබුනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක වැඩසටහනක් දියත් වෙමින් තිබුණා. අපිට ගෙවා ගන්න බැරුව තියෙන ණය යම් කාලසටහනකට අනුව ගෙවා ගැනීමේ එකඟතාවයකට ආ යුතුව තිබුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබුණු එකඟතාවයන් එක්ක අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරලා පහුගිය දෙසැම්බර් මාසේ විසි එක් වෙනිදා අපි ණය අරන් තියෙනවා රට රටවල් වලින්. අපි ණය අරන් තියෙනවා ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන්. අපි ණය අරන් තියෙනවා මුල්‍ය සමාගම් වලින්. මේ සියලු අයත් එක්ක එකඟතාවයකට ආවා අපි ගත්තු ණය ගෙවන්න අපිට කාලය ටිකක් පස්සට දාලා දෙන්න ඒගොල්ලෝ එකඟ වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>