අනුර කුමාර දිසානායක මහතා.

රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක සැලැස්මේ ප්‍රධානම අංගය තමයි එයා ගැන කියනවට වඩා අපි ගැන කියන එක. අසූ අට, අසු නමය හා මැයි නමය සිදුවීම් ගැන කියමින් ජාතික ජන බලවේගය කෙරෙහි බියක් හදන එක. ඒ වුණාට මැයි නවය ගිනි තැබීම් පිටිපස්සේ වැඩිපුරම ඉන්නේ පොහොට්ටුව.

අනිත් දේ තමයි මේ වෙලාවේ අත් හදා බැලීම් කරන්න හොඳ නෑ කියලා රනිල්ටම බලය දෙන්න කියන එක. ලෝකෙ රටවල් ගොඩ අරන් තියෙන්නේ, ආර්ථිකය වට්ටපු අය පරාජය කරලා බලය ගත්ත අලුත් කණ්ඩායම්. වට්ටපු රට ගොඩනගන්න නම් බලය මාරු වෙන්න ඕනේ ජාතික ජන බලවේගයට.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවකදී මෙම අදහස් ප්‍රකාශ කළේය.