ටෙලිකොම් වෘත්තීය සමිති සංගමයේ අමල් හේමන්ත.

අද දවස වෙනකොට, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිලියන 110ක පමණ වාර්ෂික ආදායමක් ලබන ආයතනයක්. මෙම ආයතනයේ කොටස් වලින් සියයට හතළිස් පහක්, චිට් නොහොත් මැක්සීස් සමාගමකට අයිතිය තියෙනවා. රජයට තියෙනවා සියයට පනස් එකක කොටස්. අද අත්තනෝමතික විදිහට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු සියයට පනස් එකක කොටස් ටික විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න සුරෙන්ෂාට තියෙන අයිතිය කුමක්ද?

මේ රටේ රාජ්‍ය ආදායමට බිලියන 25ක් පමණ ලබාදෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණලා දැම්මට පස්සේ ඒ බදු මුදලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. හම්බන්තොට වරායෙන් අද අපිට සත පහක්වත් හම්බවෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි කියන්නේ, ඔයාගේ ආයෝජන වැරදියි. හිතුමතේට ජනවරමක් නැති බලය පාවිච්චි කරලා මේ රටේ සමස්ත පුරවැසියන්ට අයිති රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණා දැමීම ඉතාමත්ම වැරදියි.

ටෙලිකොම් වෘත්තීය සමිති සංගමයේ අමල් හේමන්ත මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>