නිමල් සිරිපාල ද සිල්වා.

මාධ්‍ය හමුවකට පැමිණ මාධ්‍යවේදියෙකු විසින් ගුවන්තොටුපලවල් පෞද්ගලික අංශවලට විකිණීම සම්බන්ධ පැන නැගූ ප්‍රශ්නයකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු වශයෙන් සඳහන් කරනු ලැබුවේ වර්තමානය වන විට 90% ක් පමණ රටවල් වල ගුවන් තොටුපලවල් වඩාත් කාර්යක්ෂම පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ලබා දී ඇති බවත්, එලෙස මෙරට තුළත් ගුවන් තොටුවල් වල පරිපාලනය පෞද්ගලික අංශ වලට භාර දෙන ලෙස යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී තිබුණත් රජය ඒ සම්බන්ධව ස්ථිර ලෙසම එකඟතාවයකට පැමිණ නොමැති බවත් හෙතෙම එම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ ය. තවදුරටත් ඔහු පවසා සිටියේ රත්මලාන සහ පලාලි ගුවන් තොටුපලවල් වලට පෞද්ගලික අංශයේ අභිලාෂ කැඳවා ඇති බවත්, යෝජනා ලබාදීමට කැමති පෞද්ගලික අංශයේ ආයතන වලට යෝජනා ලබාදීමට දැන් හැකියාව ඇති බවත් එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>