මිහින්තලා රජමහ විහාරාධිපති

“වර්තමාන ආණ්ඩුව, ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, සියලුම ආයතන ප්‍රධානින්, ත්‍රිවිධ හමුදාව, පොලිස්, නිලධාරීන් මේ ඔක්කොම අද ගෙන්නුවා. මේ උතුම් පිංකම, ලංකාවාසී, ලෝකවාසී හැම දෙනා සමරන, ඇටමිදුළුවලට බද්ධ වෙච්ච පින්කමක් තමයි පොසොන් මංගල්‍යය. ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පිංකම සඳහා රජයෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්නට අද දවසේදී කටයුතු කළා. සාකච්ඡා කළා. සම්මත කරගත්තා.”

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පැවසීය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>