“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (17) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 870 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 865 ක් අත්අඩංගුවට ගත් අතර 15 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 283 කින් හෙරොයින් ග්‍රෑම් 318 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 305 ක් අතරින් අයිස් ග්‍රෑම් 618 ක් සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 230 කින් ගංජා කිලෝ 142 යි ග්‍රෑම් 266 ක් හා ගංජා පැළ 5863 ක්ද සොයාගෙන ඇත.