“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (08) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 936 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 927 ක් අත්අඩංගුවට ගත් අතර 18 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 311 කින් හෙරොයින් ග්‍රෑම් 785 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 354 ක් අතරින් අයිස් ග්‍රෑම් 710 ක්ද සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 223 කින් ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 070 ක් හා ගංජා පැළ 22,284 ක්ද සොයාගෙන ඇත.