දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් සැකකරුවන් 16 දෙනෙකු වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙහෙයුම මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 637ක්, හෙරොයින් ග්‍රෑම් 285ක්, ගංජා පැළ කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 432ක් සහ තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පුනරුත්තාපනය සඳහා යොමු කළ සැකකරුවන් ගණන 17ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර සිටියා.