රුසියාව නොවැම්බර් 20 වැනිදා යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අට දෙනකු මියගොස් ඇතැයි රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

විදුලි පහසුකම් සහ කියෙව් අගනුවර පාලම් තුනක් ප්‍රහාරයට ලක්ව තිබේ. ඩ්‍රෝන 400කට වැඩි සංඛ්‍යාවක් සහ මිසයිල 110කට වැඩි සංඛ්‍යාවක් යොදාගත් බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.

ක්‍රිමියාව සම්බන්ධ කරන පාලමට යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපතිවරයා පැවසීමෙන් පසු මෙම ප්‍රහාර සිදු විය.