චේනක අබේසිංහ – දෙවන පරපුර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පවසා සිටියේ විශේෂයෙන්ම මේ වන විට අනීතික අනපනත් රාශියක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත්. මේ සම්මත වුණු මාර්ගස්ථ ආරක්‍ෂණ පනත සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් තිබෙන බවත් අධිකරණය වගන්ති තිහකට අධික සංඛ්‍යාවක් වෙනස් කළ යුතු බවට නිර්දේශ කර තිබියදි මේ පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කර තිබෙන බවත්. නමුත් මේ සම්මත කිරීම සම්බන්ධ පාර්ලිමේන්තුව ඇතුලෙන්ම පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රශ්න කර තිබෙන බවත් අධිකරණයෙන් ඉවත් කිරීමට කියපු වගන්ති තිහෙන් වගන්ති දොළහක් එසේම තිබියදීම මෙම පනත සම්මත කරේ කියන ප්‍රශ්නාර්ථයක් පැමිණ ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>