අනුර ප්‍රියදර්ශන යාපා.

විදුලි බිල මේ මට්ටමට වැඩි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවය. විශේෂයෙන්ම අපේ තාක්ෂණික විශේෂඥයන්ගේ විශ්ලේෂණය අනුවත්, එවැනි වැඩි කිරීමක් සාධාරණ නොවෙයි. විදුලි බිල වැඩිවීම සිදුවෙන්නේ බොහෝවිට ආයතනයේ සහ ඒවා පාලනය කරන අමාත්‍යවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසාය.

මෙම අකාර්යක්ෂමතාවය සඳහා වගකිව යුත්තේ ජනතාව නොවෙයි. ඒ වෙනුවට මහජනතාවට බර පැනෙන ආකාරයකින් බිල්පත් වැඩි කරන්නේ අසාධාරණ ක්‍රියාවකි.මේ අවස්ථාවේ විදුලි බිල වැඩි නොකළ යුතුය. අඩු කිරීමක් කළ නොහැකියි නම්, යථා තත්වය තැබීම යි.
දැනටමත් මෙරට විශාල ප්‍රමාණයක් වහලවල සූර්ය විදුලි පද්ධති පවතිනවා. මේවා මගින් එකතුවන විදුලි උත්පාදනය මෙගාවොට් සියගණනක් විය හැක. නමුත්, මේ පද්ධති සම්පූර්ණයෙන්ම ජාතික ජාලයට එක්වෙයිද යන්න සැකයක් වෙයි. ඒ වගේම, එම විදුලිය සඳහා ගෙවන මිලද අඩු කර ඇත.මෙවැනි තත්ත්වයකින් පැහැදිලි වන්නේ මෙහි කිසිඳු නිසි ක්‍රමවේදයක් නොමැති බවය. එය පිළිබඳව අපට තද විවේචනයක් පවතින්නේ ඒ වෙනුවෙන්.