මැතිවරණ කොමිසම

මේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව ආකාර දෙකකින් යුක්ත වෙනවා. මොණරාගල, පොලොන්නරුව, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා තනි පේලියකින් යුත් ඡන්ද පත්‍රිකාවක් සහ අනෙක් මැතිවරණ කොට්ඨාශ දහනමය සඳහා, පේළි දෙකකින් යුත් ඡන්ද පත්‍රිකාවක් භාවිතා කරනවා. යම් ඡන්ද දායකයෙකුට තමන් කැමති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ ඉදිරියෙන් කතිර සලකුණ යෙදීමෙන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ තියෙන මනාප අංක සහිත කොටු මනාප දැක්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ එක් මනාපයක් දීමට අදහස් කරන්නේ නම්, එක් මනාප අංකයක් මත කතිරය යෙදිය යුතුයි. මනාප දෙකක් දීමට අදහස් කරන්නේ නම් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට කතිරය යොදා ඊට පහළින් තියෙන මනාප කොටසේ කතිර දෙකක් මත කතිර ලකුණ යෙදිය යුතුයි. මනාප තුනක් උපරිම වශයෙන් දෙන්න පුළුවන්. පහළ කොටසේ කතිර ලකුණු මත ඒ අදාළ අංක තුන ලකුණු කරන්න පුළුවන්.

මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් …

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>