ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි හමුවී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් සති දෙකක වැඩසටහනක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සාකච්ඡාවේදී ඉන්දු – පාකිස්තාන අර්බුදයේ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට ඉන්දියාව නායකත්වය ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡාවට යොමුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.