කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස.

මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු දියේ ගිලී මිය යාම කරණ කොටගෙන උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වන සමහර දේශපාලන පක්ෂ කිහිපයක් කරුණු විකෘති කරමින් සහ අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ජනතාව අතර කැළඹීමක් ඇති කරන්නත්, ඒ වගේම හෙට දවසේ දී සමහර ප්‍රදේශවල හර්තාලයක් දියත් කිරිමටත් සූදානම් බව වාර්තා වෙලා තිබෙනවා.

හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක්ට පහර දී සිදුකල ඝාතනයක් බව කියමින් වැරදි මතවාදයක් ප්‍රචාරය වෙනවා. සමහර කණ්ඩායම් මෙය ප්‍රචාරය කරන්න හදන දේ නෙමෙයි මෙතන සිද්ධ වෙලා තිබෙන්නේ. කරුණාකරලා ඒ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්වය තේරුම් අරගෙන මේ කුඩා දේශපාලන කණ්ඩායම් වලට, බොරු ප්‍රචාරණයට අහු වෙන් නැතුව ඔබගේ සාමකාමී ජන ජීවිතය පවත්වාගෙන යන්න. ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න.
ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින රටකට රටේ සාමකාමී වාතාවරණයක් අවශ්‍යම මොහොතක් මේ ගෙවෙන්නේ. ඒකට උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි රටේ සියලු ජනතාවගේ දායකත්වය වැදගත් වෙනවා. එහෙම වෙලාවක තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යම් කණ්ඩායමක් කටයුතු කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.

රටේ ජනතාවට මේ කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න කියන එක තමයි මේ වෙලාවේදී ඉල්ලා සිටින්නේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>