නීතිඥ මනෝජ් නානායක්කාර – මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසා සිටියේ නාරම්මල සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ ජිවිතයට ලක්ෂ 10ක වන්දියක් ගෙවා පොලිසිය විසින් ඝාතනය කරපු අහිංසක සිවිල් පුරවැසියකුගේ ජීවිතයක වටිනාකම තීරණය කරන්න ටිරාන් අලස්ට සහ දේශබන්දුට තිබෙන අයිතිය කුමක්ද යන්න පිළිබඳවත්. මේ සියල්ල මැද්දේ යලි ඔවුන්ට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබඳ පනත් කෙටුම්පත ගෙන එමට උත්සහ කරන බවත්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ගේන්න හදන ත්‍රස්ත විරෝධී පනත අතර කිසින්දු වෙනසක් නැති බවත්. ත්‍රස්ත විරෝධී පනත හරහා නිශ්චිතවම අනාගතයේදී මෙය තමන්ගේ දේශපාලන ඕනෑඑපාකම් සඳහා පාවිච්චි කිරීමට සූදානම් බවත්. එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ඒම කාරණයට පැහැදිලිවම තමන් විරුද්ධ බවත් එයට විරුද්ධව සටන් කරන බවත් ඒ සටන් කරන සියලු කණ්ඩායම සමඟ එකට එකතු වන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>