රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

රාජ්‍ය සේවයේ බොහෝ සේවාවන්වල සාධාරණමය වෘත්තීමය ප්‍රශ්න තිබෙන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන් සම්බන්ධ ප්‍රශ්නයට මමත් මැදිහත් වුණා. ඒ අයගේ ඉල්ලීම තිබෙන්නේ අවුරුදු පහෙන් පහට උසස්වීම් ලබා දෙන්න කියලා. ඒ අනුව මීට සති දෙකකට කලින් අපි මැදිහත් වෙලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා ඒ සම්බන්ධව අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා. දැන් තිබෙන්නේ ඒ ලබාදීපු තීන්දුව සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගන්න. ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතියත් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරලා තිබෙනවා. එම නිසා මේ වර්ජන පැහැදිලිවම දේශපාලනමය පරමාර්ථ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා තිබෙන වර්ජන විදිහට තමයි අපි සලකන්නේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>