පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි
රාජපක්ෂවරුන්ට බැන බැන, හිරේ දානවා කිය කිය, රාජපක්ෂවරු එළියට දානවයි කිය කිය, මාධ්‍ය සංදර්ශන සහ මධ්‍යයේ කිව්වට වැඩක් වෙන්නේ නෑනේ. එදා කමක් නෑ. මොකද අනුර කුමාර ජනාධිපතිතුමා එදා විපක්ෂයේ හිටියේ. විපක්ෂයේ ඉද්දි ඒක කෑගහනකොට බලය නෑ. ආණ්ඩුව නෑ, ඇමතිකම් නෑ, ජනාධිපති නෑ, විධායක බලය නෑ කියන කාරණය රටේ ජනතාව තේරුම් ගත්තා. හැබැයි විධායක බලය දීලා, ආණ්ඩුව දීලා, බහුතර බලයක් දීලා, අධිකරණ ඇමති දීලා පොලිස් ඇමතිකම් ටික ඔක්කොම දීලත් තාම විපක්ෂය හැටියට මාධ්‍යට ඇවිල්ලා අල්ලනවා, හිරේ දානවා, අඬන්න එපා, කෙඳිරි ගාන්න එපා කියන කාරණය කියනවා ඇරෙන්න එක හොරෙක්වත් හිරේ දාගන්න බැරුව ආණ්ඩුව කෙඳිරි ගානවා හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් ඒ නිසා මේවා මාධ්‍ය සංදර්ශන.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>