මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

මහ බැංකු බෝම්බය පිළිබඳ අවස්ථාව ගැන අපිට සිහිපත් කළා. අපත් සමග සේවය කරපු විශාල ප්‍රමාණයකගේ ජීවිතය අහිමි වුණා. දාහක් පමණ අපේ සේවකයින් අනතුරට පත්වුණා. බෝම්බය පිපිරෙන අවස්ථාව වෙනකොට, ව්‍යවහාරික මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදා ගනුදෙනු සඳහා රුපියල් බිලියන අටසීයකට වඩා වැඩි ප්‍රමාණයක් මහ බැංකු සුරක්ෂිතාගාරයෙන් අරගෙන බැංකුවේ ප්‍රධානතම ඔවුන්ට තිබෙන ශාලාව වෙත අරන් ඇවිල්ලා තිබුණා. බෝම්බ පිපිරීමත් සමඟ සියලුම ස්ථාන අඳුරු වෙලා නිලධාරීන් විශාල ප්‍රමාණයක් තුවාල වෙලා. ඒ හිටපු ගොඩනැගිල්ල ගිනිබත් වෙලා අපි හැමදෙනාම සීසීකඩ දුවන අවස්ථාවකදී අර ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එළියට අරගත්ත මුදල් පෙට්ටිවලට දාලා, ගැනලා අඳුරේම සුරක්ෂිතාගාර වෙත ගිහිල්ලා තැන්පත් කළා. මේ නිලධාරීන්ට ඇත්තටම පුළුවන්කම තිබුණා ඒ රුපියල් මිලියන අටසීය අරගෙන එළියට බහින්න. මොකද එහෙම බැස්සනම් ඒ ගැන කිසිම වාර්තාවක් නෑ. ඒ වගේම ඒ ගැන දන්න කෙනෙකුත් නෑ.

විශ්‍රාමික මහ බැංකු නිලධාරීන්ගේ පනස්වන සංවත්සරයේදී හිටපු නියෝජ්‍ය අධිපතිවරයා දක්වන අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>