පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන දෙන එකේ දෙපැත්තක් තියෙනවා. සමහර මන්ත්‍රීලා මොණරාගලින්, යාපනෙන්, බදුල්ලෙන්, ත්‍රිකුණාමලෙන් එනවා. ඉතින් ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා.

හැමෝම පුද්ගලික අංශයේ මීට කලින් වැඩ කරලා, වෘත්තීය වශයෙන් යම්කිසි තැනකට ඇවිල්ලා ඒකෙන් රිටයර් වෙලා දේශපාලනයට ආපු කට්ටිය නෙමෙයි. මන්ත්‍රීවරයෙක්ට කීයක් ගෙවනවද පඩිය? ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුලුවන්ද?

මම හිතන්නේ මේ සියලු දේ සාකච්ඡා විය යුතුයි. වාහනයක් ඕනේ නම් වාහනයක් රජයෙන් ඕනේ නම් දෙන්න පුළුවන්. පාවිච්චි කරන්න. මේක මම හිතන්නේ හරි ලේසියි විවේචනය කරන්න. මන්ත්‍රී කෙනෙක්ට කියලා මිනිස්සුන්ගෙන් හිඟා කාලා ජීවත් වෙන්න බෑනේ. එතකොට හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසි දෙයක් ඕනේ නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>