අමාත්‍ය බිමල් රත්නායක.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ, රියදුරන් විඩාව, නිදිමත, ඇස් පියවීම සහ රියදුරු සේවාවේදී නොකළ යුතු ක්‍රියා සිදු කළහොත් AI තාක්ෂණයෙන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් හරහා මතක් කිරීමට පියවර ගන්නා බවයි.

මෙවන් පද්ධති ශ්‍රී ලංකාවේ කීප වසරක් භාවිත වූවත්, පොදු ප්‍රවාහනයේ භාවිතා නොවූ බවත්, සමාගම් 40 ක් ලංගම සහ පෞද්ගලික බස් රථවල ආරම්භක වශයෙන් ස්ථාපනයට කැමැත්ත පල කළ බවත් ඔහු සඳහන් කළේය.