අද අළුයම අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු විසි හතරක සහ වයස අවුරුදු දහනමයක තරුණයින් දෙදෙනෙක්.

තවත් තරුණයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. එම තරුණයින් පිරිස ඊයේ රාත්‍රියේ පොසොන් සැණකෙළියකට සහභාගී වී නිවෙස් වෙත යමින් සිටියදී අනුරාධපුර සිට තලාව දෙසට ගමන් කළ බස් රථයක ගැටී මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>