පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්

අපි සියලු පොලිසිවලට පන්දාස් නමසිය හතළිස් නමයක, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ලබා දුන්නා. එම ලැයිස්තුවෙන් 91.4% ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් විසින් මේ වෙද්දි අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් ඒ සමහර සැකකරුවන් බන්ධනාගාර ගත වීමෙන් පස්සේ යළි සමාජගත වෙලා සුපුරුදු විදිහට නැවත වතාවක් මත්ද්‍රව්‍ය වෙළදාම කරන බව බුද්ධි අංශ මගින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත්වල, සහ දකුණු පළාත්වල ජාවාරම් කරුවන් පොලිස් භාරයට ගෙන පුනරුත්ථාපන කඳවුරු වලට යැවීම ඉලක්ක කරගෙන අද සිට දැවැන්ත මෙහෙයුමක් ලංකාව පුරා ආරම්භවී තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම මේ මව්බිමෙන් අවසන්වන තෙක්ම දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට.

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>