පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩ බලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පොලිස් මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී එම උපදෙස් ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.