ලලිත් ගමගේ – ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලදාරී

“ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනමයක් සඳහා ඡන්ද විමසීම හයවෙනි දින ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දහඅටලක්ෂ අනූහයදහස් තුන්සියහතර දෙනෙක් ඡන්ද පාවිච්චි කිරීමට සුදුසුකම් ලබලා තියෙනවා. ඒ එක්කම තැපැල් ඡන්ද සංඛ්‍යාව හතළිස් දහස් එකසිය හැත්තෑ අටයි. අපි මෙවර ඡන්ද මධ්‍යස්ථාන එක්දාස් දෙසිය පනස් දෙකක් සූදානම් කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ. මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ක් රියාවලියේදී අ ගණන් කිරීමේ මධ් යස්ථාන හාරසිය තුනක් ක් රියාත්මක වෙනවා දිස්ත් රික්කයේ. අපි හය වෙනිදා ඡන්දය උදේ හතට ආරම්භ වෙලා සවස හතරට ඡන්ද විමසීම අවසන් වුණායින් පසුව මධ්‍යස්ථාන හාරසිය තුනේ ගණන් කිරීමේ කටයුතු සිදුවෙනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>