නොවැම්බර් මස ආර්ථික සංගණනයක් පැවැත්වීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, බෝග වගාව, සත්ත්ව පාලනය, මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් මෙම සංගණනය දිවයින පුරා සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම සංගණනය සඳහා නිලධාරීන් 16,000 ක් පමණ යොදා ගැනීමට අපේක්ෂා කරයි.





