වෛද්‍ය චමල් සංජීව

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පහළොස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් නීතිමය කෘත්‍යයන් මගින් අධිකරණය හමුවට පමුණුවන තුරු අල්ලස් කොමිසම සහ නීති අංශ හමුවට එම පැමිණිලි ඉදිරිපත් කළේ මා ඇතුළු අපේ වෘත්තීය හා සිවිල් සංවිධාන.

එදා අපට දේශපාලන බලයක් තිබුන් නැහැ. පිරිස් බලයක් තිබුන්නෑ. හැබැයි අපිට තනි තනිව ඒ ලිපි ගොනු සාක්ෂි සහිතව නීතිය හමුවට ඉදිරිපත් කරලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් තමාගේ විෂය පථය සම්බන්ධ බරපතල චෝදනා රැසකට අධිකරණයක් හමුවට ගේන්න පුළුවන්කමක් ලැබෙනවා.

අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ රටේ ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ තිබෙන අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ පනත හොඳටම ප්‍රමාණවත් කියලා.

වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…