ජනාධිපති අනුර කුමාර දිසානායක.
භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍ය සේවය පිළිබඳව ස්වයං විවේචනයක් සිදු කරමින්, එය නවීකරණය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුවට (SASA) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නූතනත්වය හා කාර්යක්ෂමතාවය පදනම් කරගත් රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන, රාජ්‍ය සේවයේ භෞතික පහසුකම් ද අයවැයෙන් විශේෂයෙන් යාවත්කාලීන කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
