හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අප්‍රේල් තුන්වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධි මහතා නියෝග කළා. ඒ හිටපු පොලිස්පතිවරයා, බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
මාතර, වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී, මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ නීතිඥයන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දේශබන්දු තෙන්නකෝන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, අද යළි අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කලා.
