දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර තිබෙන්නේ, ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.