අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානියට පත් දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වය පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව, මේ වන විට රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත යන දුම්රිය ස්ථානවල පමණක්, දුම්රිය බලවේග කට්ටල 12 ක් සිරවී ඇති අතර ජල පහර නිසා ගැලවී ගොස් තිබුණු බුජ්ගමුව පාලම හා යත්තල්ගොඩ පස් කඩා වැටී තිබූ ස්ථාන හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු පැය 24 පුරාම සිදු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.