පා.ම .හර්ෂ ද සිල්වා

අපි ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරතුරේ ,අපේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ මිත්‍ර රටවල් කියන්නේ අපිත් එක්ක අවුරුදු හැත්ත පහක් තිස්සේ වැඩ කරපු රටවල්. ඒ රටවල් එක්ක අපේ තියෙන සහයෝගීතාවය, සම්බන්ධතාවය කවුරු ආණ්ඩුවේ හිටියත් ඒ රටවල් සමඟ එකතු වෙලා අපි වැඩ කරන්න ඕනේ. නමුත් අපිට දැනගැනීමට අවශ්‍යයි මොකක් පිළිබදවද එකගතාවය ඇති වුනේ කියලා.

ඒ වගේම ඊයේ පෙරේදා මුහුණත අගය 37% කපා හැරුණා. අපේ මේ ගාන හදලා තියෙන විදියට කිසිම කැපීමක් 2024 සිට 2028 දක්වා සිදුවෙන්නේ නැ . ඒ කපා හැරීම සිද්ධ වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය කීයද යන එක මතයි. මේ ගණන්වල හැටියට අර කපා හැරීම 28% කියලා රජය කිව්වට අවසානයේදී 7.3% ට අඩු වෙනවා. ඉතින් එවැනි පොඩි කපා හැරීමකට එකඟ වෙන එකට අපි විරුද්ධයි.

පා.ම .හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>