හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ජූලි මස 02 දා උදෑසන 10.00 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම සමාගමට අය විය යුතු 108,309,342ක මුදලින් රුපියල් 4,080,000ක පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.