සචී සේනානායක විසන් රචිත තෙලිතුඩින් ලියු කවි සහ ඉංග්‍රීසි බසින් ලියවුනු ළමා කතා පොතක් ජනගත කිරීම පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී සිදු වුනා. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම දරුවන් වෙනුවෙන් අකුරු කරන සචී සේනානායක දක්ෂ චිත්‍ර ශිල්පිනියකද වනවා. මෙම පොත් ද්විත්වය දොරට වැඩීමේ උත්සවයට ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති ඇතුළු විශාල පිරිසක් සම්බන්ධව සිටියා. කවි පොතට පෙර වදනක් ලියු අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්ෂන් ඇන්තනි මහතාගේ සිතුවමක් පුත් සජිත ඇන්තනි වෙත පිරිනැමීමද එදින සිදු වුවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>