විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

අමෙරිකාව විසින් පනවා ඇති 20%ක තීරු බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්, එය තවදුරටත් අඩු කිරීම සඳහා උත්සාහයන් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහුගේ X ගිණුමේ සඳහන් වන්නේ, ඉන්දියාවට 25%ක බද්දක් පනවා ඇති අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ වියට්නාමය සඳහා 20%ක සමාන බද්දක් පනවා ඇති බවයි.

මෙම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට සැබෑ වාසියක් ලැබීමට නම්, එම බද්ද 15%ක් දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.