චේනක අබේසිංහ

2027, 2028 දක්වා ණය වාරික ගෙවීම කල් දාගන්න තැනක තමයි අපි ඉන්නේ. තව වසර තුනකින් අපි මේ ණය ගෙවන්න පටන් ගන්නට ඕනේ. එතකොට මේ ණය ගෙවන්න පටන් ගන්න අවශ්‍ය කරන ආර්ථික වැඩපිළිවෙළ මොකක්ද?

දැනට රාජ්‍ය භාණ්ඩාගාරයට යම් ආදායමක් ලැබුණා නම් ඒ ආදායමත් දැන් යන්නේ විදේශීය රාජ්‍ය වලට. එතකොට ඒ ආදායමත් නැතුව රාජ්‍ය සේවකයන්ට පඩිවත් ගෙවාගන්න බැරි තැනකට මේ ආර්ථිකය අද ඇද වැටිලා තියෙනවා. දැන් ඉතින් සතුටු ආරංචිය දෙන්න වෙන්නේ 2028 වසරට විතර ඇවිල්ලා.

ආරංචිය සුභ නෑ. මේ ආරංචිය ඉතාමත්ම අසුභයි. මේක සුභ වෙන්න නම්, මේ රනිල් රාජපක්ෂ දෙන්නා මේ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ.

චේනක අබේසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>