ජෝසප් ස්ටාර්ලින් – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය.

අද වෙනකොට අධ්‍යාපනය පද්ධතියට පෞද්ගලික විශ්ව විද්යාල වලින් ප්රමිතියෙන් තොර සුදුසුකම් රහිත පිරිස් අධ්යාපන ගුරුවරු හැටියට බඳවගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය ක්ෂේත් රයට එන්න හොර දොරක් වගේ තමයි. එතකොට අපි දන්නවා දැන් මේ වෙනකොට අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ විශ්ව විද්‍යාල වල වසර හතරක කාලයක් තියෙන උපාධියක් වුවද අද මේ පෞද්ගලික විශ්වවිද්යාල උපාධිධාරීන් ඉතා කෙටිකාලයකින් උපාධිය ලබාගෙන තමයි එන්නේ. ඒම කට්ටියට තමයි මේ ආණ්ඩුව පත්වීම් දීලා තියෙන්නේ ගුරු සේවයෙන්.

අපි දන්නවා මේක තුළ වෙන්නේ මොකක්ද? මුදලට අධ්‍යාපනය විකිණීම. සල්ලි තියෙන අය මෙන්න මේ වගේ හොර පාඨමාලාවක් හදාගෙන අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන්ටත් වඩා උඩින් එන්නේ. මේ වෙනකොට ආණ්ඩුව මේ අරන් තියෙන තීරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරපු සියලු පාර්ශව එකඟ වෙලා තියෙන්නේ අපිත් එක්ක මේ කටයුත්ත ඉස්සරහට යන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න. ඒ වගේම මේ අය ගැනීම වහාම නවත්තන්න. ඒ වගේම ගත්ත අයව ආපහු යවන්න. මේකයි අපේ ඉල්ලීම. මොකද මේ සුදුසුකම් නැති පිරිස් තමයි අධ්යාපන පද්ධතියට දාගෙන ඉන්නේ.

වැඩිදුර විස්තර සඳහා>>>>>>