නීතිඥ අජිත් පී පෙරේරා

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහක් බව 2018 අංක 1 කියන නඩු තීන්දුව මගින් ඉතාම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා. එහෙම තිබියදී චමින්ද්‍ර දයාන් ලෙනව කියන තැනැත්තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙමගින් මේ ලෙනව පිටුපස්සේ සිටින තැනැත්තා බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව පිළිබඳ රටේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ඇති කිරීමටයි.

ලෙනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ගොනු කරලා සමාජය තුළ මේ ගැන කතිකාවතක් ඇති කරලා ඒ කතිකාවත සමඟ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනල්ලා ඒ යෝජනාව අනුව පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා සම්මත කර ගැනීමේ උත්සාහයක් තිබෙන බව අපිට පෙනීයනවා. මේ සියල්ලගෙන්ම පෙන්නුම් කරන්නේ මැතිවරණය කල් දැමීම සඳහා අවශ්‍ය කරන සමාජ කතිකාවත නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවයි.

නීතිඥ අජිත් පී පෙරේරා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>