වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනය කරන ලෙස ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මීලඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකතනය කරන තුරු, දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.