සවිත්‍ර රණසිංහ- ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය

ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය නියෝජනය කරමින් සවිත්‍ර රණසිංහ මහතා පවසා සිටියේ රටේ ජනතාවට තම ආහාර වේල සකසා ගැනිමත් මහත් අසීරුතාවයකට පත් වී ඇති බවයි. මේ රටේ පාලකයින් අධික ලෙස බදු පනවමින් සාමාන්‍ය ජනතාව මත මහත් පීඩනයක් එල්ල කරන බවත් පවසා සිටියේය. එමෙන්ම රටේ බිලියන ගණනින් බදු ගෙවිය යුතු පිරිස් සිටින අතර ඔවුන්ගෙන් එම මුදල් අය කරන ලෙසත් එතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය. රට තුළ මේතරම් ප්‍රශ්න පවතින අවස්ථාවේ නිදහස් උත්සව මිලියන ගණනක් වියදම් කරමින් සැමරීම තාත්වික ද යන්න විමසා සිටියේය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>