රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාම්බර සම්පත් දසනායක මහතා මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් පනස්දාහක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.
