මීළඟ ගුවන් හමුදාපති ධුරය සඳහා ගුවන් හමුදාවේ මීළඟ උසස් නිලයේ කටයුතු කරන, ගුවන් හමුදාපති තනතුර සඳහා සියළු සුදුසුකම් සපුරා ඇති එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්නට ලබා නොදී, ජාතික ජන බලවේගයේ හිතවත් ගුවන් හමුදා නිලධාරියෙකුට ලබා දීමට යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න 1989 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සාමාන්‍ය රාජකාරි කැඩෙට් නිළධාරීයකු ලෙස නියමු ශාඛාවට එක් විය. ඔහු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු, සුදුසුකම් ලත් පියාසර ආරක්ෂක නිලධාරියෙකු වන අතර පකිස්ථානය, ඊශ්‍රායලය, චීනය, ඉන්දියාව සහ ඉක්වදෝරය යන රටවල පුළුල් පුහුණුවක් ලබා දී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ භාර ගැනීමට පෙර, ඔහු වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍ය (ආරක්ෂක) තනතුරේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවල ද්පාවිර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බෙහෙවින් දායක විය.