ගැමුණු විජේරත්න

ගැරඬි ගලේ සිදු වෙච්ච බස් රිය අනතුර සම්බන්ධයෙන්, ඒ බස් මාර්ගය තියෙන්නේ කතරගම සිට කුරුණෑගල දක්වා. ඒ කියන්නේ තැනිතලාවෙන් පටන් ගෙන නැවත වරක් කඳුකරයට ගිහිල්ලා නැවත වරක් තැනිතලාවට එන බස් මාර්ගයක්. මේක ලංගම පාර්ශවයෙන් කරපු බරපතල වැරැද්දක්. හේතුව එවැනි දෙයක් රාත්‍රී කාලයේ විශේෂයෙන්ම සුදුසු නැහැ. පෞද්ගලික සහ රාජ් ය අංශයේ බස් රථ සඳහා විධිමත් කාලසටහනක් හදන්න අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය නියාමනයන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීලා තියෙනවා, කාලසටහන් හදන්න ඕන ක්‍රමවේදය. ඒ වගේම ඒකට නියෝගයක් දීලා තියෙනවා. ඒක කොමිෂන් සභාවත්, ඒ වගේම ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා තමයි ඒ කාලසටහන නිර්මාණය කරන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පෞද්ගලික බස් රථ එක ආකාරයෙන් ධාවනය කරනවා තවමත්. ලංගම බස් රථ එක ආකාරයෙන් ධාවනය කරනවා. එතකොට තරග ඇතිවෙලා තියෙනවා. ඒ වගේම මේ අත්තනෝමතික මාර්ග ක්‍රියාත්මක කරලා තියෙනවා.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>