නීතිඥ සාගර කාරියවසම්

මේ රටේ හමුදා පවුල්වල සාමාජිකයින් පණපිටින් ගිනි තියපු, ඡන්දේ දැම්මා කියලා, උදේට වැඩට ගියා කියලා, බෙල්ල කපලා, වැටේ ගහලා මරපු , නායකයා අද මේ රටේ වීරයෙක් වෙලා, මේ රටට අභයදානය දීපු නායකයා හොරෙක් වෙලා තියෙනවා.

ඔබ ෆේස්බුක් එකේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් දැම්මොත් ඔබට කියයි වහලෙක් කියලා එහෙමත් නැත්තම් නිවන් සැප ලැබේවා කියයි. මේවා ඔක්කොම සංවිධානාත්මකව කරන වැඩ. ඒ වගේම මේ අනිත් පක්ෂවල ඉන්න හැමෝම ඉන්නේ හීනමානයෙන්. ඔවුන් දන්නවා ඔවුන්ගේ නායකයෝ මේ රටට වින කරා මිසක් රට හදන්න කිසි දෙයක් කරේ නෑ කියලා.

අපිට මේ රට වෙනුවෙන් තව මහා දැවැන්ත ගමනක් යන්න තියෙනවා. අනාගතය වෙනුවෙන් කැපවීමේ අයිතිය හා මේ රට ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඔබටත්, මටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි හැමෝටමත් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ නැවතත් ශ්‍රී ලාංකිකයෝ කියන අභිමානවත් වචනය කියන්න පුළුවන් විදිහේ නායකයෙක් අපි බිහිකර ගන්න ඕන කියලා.

නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>