මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ යන අයට අයත් බව කියවෙන ගිනි අවියක් සහ පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, එඬේරමුල්ල සිට කොළඹ – නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය, T-56 ජීව පතරොම් 267 ක් සහ එම අවි සඳහා යොදන පතරොම් ගැබ් දෙකක් සොයාගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිදු කරන වැඩිදුර විමර්ශනවලදී මෙම ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු භාරයේ මෙම අවිය සහ පතරොම් මෙරට සඟවා ඇති බවට එහිදී තොරතුරු හෙළි වී තිබෙනවා.





