ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ගම්පහ සහ කොළඹින් පස්සේ වැඩිම ජනගහනය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අපේ සැලසුම් අනුව කුරුණෑගල විශාල දියුණුවක් ඇති වෙන්ට යනවා. කුරුණෑගල විශාල නගරයක් බවට පත් කරන්න යන හින්ද ඉඩම් තියෙනවා නම් විකුණන්න එපා. දැන් ආධාර ලැබෙන නිසා අධිවේග මාර්ග වගේම අනෙක් මාර්ගත් මෙතෙන්ට එකතු වෙනවා. අපි කුරුණෑගල විශ්ව විද්‍යාලයක් ඉදි කරනවා. පින්නවල මණ්ඩපයක් තියෙනවා, දැන් දඹුල්ලෙත් මණ්ඩපයක් ඉල්ලලා තියෙනවා. විදේශ විශ්ව විද්‍යාල කතා කරගෙන යනවා ඉංජිනේරු අංශය දියුණු කරන්න.

කුරුණෑගල දියුණුවට වෙනම වැඩසටහන් සකස් කරගෙන යනවා. ඒකෙන් මාදම්පෙයි, බිංගිරිය කලාපයයි, කුලියාපිටියයි, කුරුණෑගලයි, මහනුවරයි ඔක්කොම එක නගරයක් බවට පත්වෙයි.

අපි එන සුමානේ තව වැඩසටහනක් ආරම්භ කරනවා. කොළඹ තට්ටු නිවාසවල ලක්ෂ දෙකක් පමණ මිනිස්සු ජීවත් වෙනවා. අපි ඒ අයටත් සින්නක්කර ඔප්පු දෙන්ට වැඩපිළිවෙලක් සකස් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී කළ විශේෂ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>