සමගි ජන බලවේගය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ පාලන බලය ජයග්‍රහණය කරගෙන ඇත.ඒ අනුව, කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කිරීම සදහා පැවති ඡන්ද විමසීමේ දී බහුතර සභික ඡන්ද හිමිකර ගත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂක මොහොමඩ් මාධි විය. ඔහු කින්නියා නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත.

එසේම, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා පැවති ඡන්ද විමසීමේ දී බහුතර සභික ඡන්ද ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් චන්දන මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.