කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, විපක්ෂය ජීවත්වීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දේශපාලන අයුරින් භාවිතා නොකළ යුතු බවත්, එවැනි ක්‍රියාවලියකින් වළකින ලෙසත්ය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බවත්, විපක්ෂයේ යෝජනාද අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ හැකි බවත්ය. සියලු යෝජනා සලකා බැලීමෙන් පසුව ජාතික මට්ටමේ ගුණාත්මක ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවද ඔහු අවධාරණය කළා.

අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, මීට පෙර විපක්ෂය කන්ටේනර් ගැටලුව පිළිබඳව විවේචනය කළද, CID විසින් වරක් දෙවරක් පරීක්ෂණයට කැඳවූ පසු එය පිළිබඳව කීමක් නොකළ බවත්, දැන් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විවේචනයට ලක් කරන බවත්ය.