කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදින තුළ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද තීරණය වුණා.

එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.